විමුක්තිය...
විමුක්තිය... මෙම වචනය ඔබට පුරුදු ද? ඔබට මතකද? ලංකාව අවුරුදු තිහක යුද්ධයකට මුහුන දුන් රටක් බව ඔබට මතකද? මම නම් සිතන්නේ මතක නොමැතිව ඇතිය. මතක නොමැති වුවහොත් එය පුදුමයක් ද නොවේ. සිංහලයාට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ මාසයකි. ඔබට පුරුදු මෙම කියමන සැබවින්ම පවසන ලද්දේ ප්‍රභාකරන් හෙවත් ලංකාවේ බිහිවූ කෘෘරතම මිනිසා විසිනි. කෙසේ වුවද මේ ප්‍රකාශය මම අදටත් පිළිගමි.
මෙය කිසිවකු වත් කියවන්නේ නැති බව දැන දැනත් මෙය මෙලෙස ලිවීමට සිදුවීම ගැන මම කණගාටු නොවෙමි. ඒ කෙසේවෙතත් විමුක්තිය හා කොරෝනා අතර සම්බන්ධය කුමක් දැයි ඔබට සිතෙන්නට ඇත. මින් පෙරම මෙම බ්ලොග් අඩවිය තුලින් කොරෝනා සහ නා නා විධ දෑ පිලිබදව ඔබව දැනුම්වත් කල නිසා කොරෝනා සහ විමුක්තිය යන ශීර්ෂපාඨය ඔස්සේ මෙය මා පළකරමි. තවද මම දැන් පවසන, ඔබ දන්නා මෙම සිද්ධිය සිදුවූයේ වසංගත තත්වයක් අතරේ නිසා ඔබ කොරෝනා හා විමුක්තිය යැයි මැය යෙදීම පිලිබද විරුද්ධත්වයක් දක්වන්නේ නැතැයි සිතමි. විරුද්ධත්වයක් දක්වන්නට යමෙක් මෙය කියවිය යුතුය. කියවුවද නොවූවද මම ලියමි.
http://www.dailymirror.lk/77509/8-idps-murdered-in-jaffna-soldier-sentenced-to-death
2000 දී යාපනයේ මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකුට වසර 13 ක නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලදී.
මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරුන් විසින් පළමු විත්තිකරු වන අතර, හිටපු මාණ්ඩලික සැරයන් ආර්.එම්. සුනිල් රත්නායක
පුද්ගලයන් අට දෙනෙකුට තුවාල කිරීම සහ ඝාතනය කිරීම යන පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස එකලස් කිරීම ඇතුළු කරුණු 17 කට වරදකරු වූ යුද හමුදාවේ දිගු දුර පුනරුත්ථාපන මුර සංචාරයේ (එල්ආර්ආර්පී) සුනිල් රත්නායකට ,අධිකරණය විසින් විත්තිකරුට රු .51,000 ක දඩයක් නියම කළ අතර දඩ මුදල පැහැර හැරීම හේතුවෙන් ඔහු මාස හතක සිර දඩුවමක් නියම කරනු ඇත.
මෙය කලකට පෙර රණවිරු සුනිල් රත්නායක පිලිබඳ පලවූ ලිපියකි. අධිකරණය පිලිබදව කිසිත් මා නොපවසන්නට අදිටන් කර ගමි. ගන්නෙමි. ජනතා අධිකරණයෙහි පිලිතුර මා දන්නා නමුදු ජනතාව විසින් ජනතාව උදෙසා කරගෙනයනු ලබන ජනතාවගේම පාලනය විසින් ලබා දුන් තීන්දුවට නම් මාගේ හදවතට අනුව එකඟ නොවුනෙමි. නොවෙමි.
කෙසේ හෝ හිටපු මේජර් ජෙනරාල් ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවිය ලැබීමත් සමග ලංකාවේ රණවිරු පවුල්වල නව බලාපොරොත්තු පිපුණු බව නො රහසකි. බලාපොරොත්තු වූවා සේම රණවිරු දඩයමට ගොදුරුවූ සුනිල් රත්නායක රණවිරුවා හට ජනපති සමාව ලබා හේ නිවසට පැමිණියේ මෑතකදි ය. කොරෝණා සමය තුල ය. කෙසේ වුවද මුහුනු පොතේ තටමන මහදැන මුත්තන් පවසන්නේ "වසංගතේ අස්සෙ මෙන්න මිනීමරුවෙක් නිදහස් කරලා" යන්න ය. මා හට නම් මෙය ලේ නටන කාරණාවකි. ඒ මේ වන්දි භට්ටයින් ,හිස් මස් ලේ ලංකා මාතාවගේ තුරුළට යවා රට වැනසීමට ආ වල් පරයින් මරා දැමූ රණවිරුවාට මිණීමරුවා කියන විටය. මුහුනු පොතේ කරක් ගහන ඔබට මෙම පෝස්ටුව නෙතට නොගැටුනා යැයි මම නොසිතමි.
පුවත්පතේ වූ ආකාරයට ඔහු මරා දමා ඇත්තේ දෙමළ සිවිල් වැසියන් ය. උතුරේ අවසන් මානුශීය මෙහෙයුමේදී මැයි දාහත හෝ දහඅට ආසන්නයේ දී 800m x 800 m ප්‍රමාණයක් පමණක් සතුරාට ඉතිරි කරවා අවම මිනිස් හානි මගින් සිවිල් ජනයා මුදා හැරීමට ලංකා විරුවෝ සමත් වූහ. ඔවුන් (සිවිල් ජනතාව) කදවුරු තුල ආරක්ශිතව සිටියහ. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ අණ පරිදි රාත්‍රී හයින් පසු කිසිවෙකුත් අවතැන් කදවුරු තුලට නොගන්නා ලෙස පැවසීය. මා පැවසූ දිනයේ මැදියම් රාත්‍රියේ සිවිල් වැසියන් පිරිසක් අසාධ්‍ය යැයි කිවා කදවුරට පැමිණීමට කටයුතු කර ඇත. පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරැණු අතර අවසානයේ රණවිරුවකු අහසට වෙඩි තබන ලදි. පසුව ඔවුන් නැවතත් කඩොල් කැලය තුලට ගොස් පිරිස සමග පැමිණ කදවුරට ප්‍රහාර එල්ල කරන ලදි.... ඔබ සිතන්නේ එම සිවිල් වැසියන් සේ පැමිණියේ කවුද? .... ඒ චාල්ස් ඇන්තනි නොහොත් ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුතාය.. ඔවුන් කදවුරට පැමිණියහොත්.... සිවිල් වැසියන් ට වෙඩි නොතබා සිටියහොත්.. ඔබම සිතා බලන්න....
ප්‍රධාන ලෙසම මෙම චෝදනාව එල්ල කරන්නේ ජනතා විමුක්ති පෙරමුනේ පාහරයින් ය. ඔවුන් ගැන යමක් සදහන් කල යුතුමය. රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගැසීමට තරම් විනයලත් සෙබලාගේ මනස වැනසුවේ ඔවුන් ය. උතුරේ යුද්ධයට රණවිරුවන් යැවූ දෙමව්පියන්ව බල්ලන් සේ පාරට ඇද දමා ගිනි තබා මරා දැමුවේ ඒ පහාරයින් ය. උතුරු කොනේ දමිල ත්‍රස්තවාදින් රජ කරද්දි දකුණු කොනේ මේ පාහරයින් යුද ගිනි ඇවිලූහ. එවන් ප්‍රතිපත්ති අනුගමනය කලවුන් යමෙක්ට මිණීමරුවන් සේ අමතයි නම් එය හාස්‍යයකි. එය හෘද සාක්ෂියෙන් විමසිය යුත්තකි. නමුත් එය උන්ට කල නොහැක. හෘද සාක්ශියක් තිබුණි නම් මෙසේ අවජාතක වැඩ නොකරනු නො අනුමානය.
විත්තිකරු වූ කතානායකයාට දඩ මුදල ලෙස ගෙවීමට සිදුවූ බව එහිදී දක්වා ඇත.මුදලද දක්වා ඇත. දඩ මුදල පැහැර හැරීම............. තවත් වරක් අධිකරණය කෙරේ කරුණු දැක්වීමේදී ප්‍රවේශම් වන බව ඉටා මෙතැනින් නවත්වමි.
විසි හත් වසරක කුරිරු යුද්ධයේම සිවිල් වැසියන්ලෙස දමිල ජනයා ට පහරදීම හෝ වෙඩිතැබීම මා දුටුවේ 1995 ට පෙර අවස්ථාවන්ට පමණි. නමුත් මෙය කියවනවානම් කියවන අන්තවාදින් නිරූපණය කරන පාර්ශවයේ සිවිල් වැසියන් ඝාතනය ගැන පැවසිය යුතු යැයි මම සිතමි. කැබිතිගොල්ලෑව සිද්ධියත් අරන්තලාව සිද්ධියත් ඔබට මතකයි නම් මම තවත් වේදනාව හාරා අවුස්සන්නට තනන්නේ නැත.. විමුක්ති කොටින් දමිල ජනතාවගේ පක්ශයේ සිට ඔවුන් රැක්කේ නම් හතරවන ඊලාම් යුද්ධයේදී දමිල වැසියන් මිනිස් අවි ලෙස තබාගන්නේ නැති බවද මම තරයේ දන්වමි.
දුක්ඛිත තත්වය නම් මෙයයි. මිනිසාට දෙවියා මතක් වන්නේ කරදරයකදී පමණි. දෙවියන් උතුම් තැනෙහිලා තබන්නේ අසරණ වූ විටය. සතුටින් සිටින විට දෙවියන් මතක් වන්නේ නැත. මෙහිදී මා පැවසීමට තනන්නේ දෙවියන්ගේත් රණවිරුවන්ගේත් තැන එකමයි කියා නොවෙද...
තවත් දෑ බෝමයි. අතේ වේදනාව නිසා මම නවතමි....
ඔබ සැමට තෙරුවන් සරණයි.
- ජාතියේ දරුවන් විසින්
ලියන්නාගෙ මතය
Tuesday, April 21, 2020
Wednesday, April 1, 2020
කොරෝනා සහ ගණිතය
අද ලියන්නා කතා කිරීමට සිතුවේ තරමක් වෙනස් කාරණාවක් ගැනය.(ඒ ඉතින් අපේ අයට) ඒ නම් වසංගතවේදය හෙවත් Epidemiology(පොෂ් අයත් ඉන්න නිසා) ගැනයි. අඩි 8 ක් ගැඹුරු වලක මිනියක් වැළලීමට ඉඩ නොදුන් තකතීරු බූරුවන් සිටිද්දීත් මෙය තේරුම් ගනීවි යැයි මම ප්‍රාර්ථනා නොකරන නමුත් එකෙක් දෙන්නෙක් හෝ මෙයින් යමක් ලබා ගනීවි යැයි සිතමි.
වසංගතවේදය යනු මගේ පුංචි මොළේට වැටහෙන පරිදි යම් ජනගහනයක් අතර ලෙඩ රෝග පැතිරී යාම ගැන අධ්‍යනයයි. බෝවන සහ බෝ නොවන රෝග පිළිබදව වූ වසංගත වේදියෙකුගේ කෘත්‍ය වසංගත රෝග අවස්ථාවන් පර්යේෂණයට ලක්කිරීම, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, සංඛ්‍යාත්මක දත්ත සටහන් කිරීම සහ ඒවායෙහි ප්‍රතිඵල පිළිබදව නොයෙකුත් සගරාවලට ලිපි පලකිරීම දක්වාත් විවිධ වේ. වසංගත වේදියෙකුට රෝග පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ජීව විද්‍යාව පිළිබදව ද රෝග සදහා ඇති අවධානම් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා සමාජ විද්‍යාව සහ දර්ශනවේදය පිළිබදව ද අවබෝධයක් තිබිය යුතුය.(මේ කෑල්ල නම් මම Wikipedia එකෙන් උස්සල දාපු එකක්.)
ශ්‍රී ලංකාවේත් මේ සඳහාම වෙන්වූ වසංගත රෝග විද්‍යා අංශයක් පිහිටා ඇත. ඒ පිළිබද වැඩි විස්තර මා කීමට නොකියන්නේ ලියන්න ආපු වැඩේට තවම නොබැස්ස බැවිනි. එමනිසා ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යාංශය ගැන වැඩි විස්තර දැන ගැනීමට පහත වෙබ් ලිපිනයට යන්න.
පහළට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනෙ. මේක ඇත්තටම කලනය සම්බන්ධ ආකෘතියක්. දැන් ඉතින් එහෙම කියල මැරෙන්න හදන්න එපා මොකද මම කලනයේ කිසි දෙයක් මේකට දාල නෑ. \(\frac{dy}{dx}\) කියන අංකනය විතරයි භාවිතා කරල තියෙන්නෙ. ඒකෙන් කියවෙන්නෙ x ට සාපේක්ෂව y වෙනස් වෙන වේගෙ/ශීඝ්‍රතාව කියන එකයි. අර අපි අහල තියෙන කියමනකුත් නැතෑ "කෙල්ලෙක්ට යමක් තේරුම් කරනවට වඩා ලේසියි හරකෙක්ට කලනය කියල දෙන එක" කියල. අන්න ඒකත් හිතේ තියාගෙන එහෙනම් ඉස්සරහට යමු.
අපි කලින් කිව්වනෙ අවදානමට ලක්විය හැකි පිරිස වැඩි වෙන ශීඝ්‍රතාව I හා S ට සමානුපාතිකයි කියල. එහෙනම් අපිට මේක ලියා ගන්න පුලුවන් \(\frac{dS}{dt}=-rSI\) කියල. මම r කියල නියතයක් දාල ලියපු එක ගැන වැඩිය හිතන්න එපා මොකද මේක ගණන් පාඩමක් නෙවේ. හැබැයි මම රිණ ලකුණක් දැම්මෙ මොකද ? මම කලිනුත් කිව්වනෙ අවදානමට ලක්විය හැකි පිරිස අඩු වෙනව කියල ඉතුරු දෙගොල්ලො වැඩි වෙනකොට. අන්න ඒ නිසයි රිණ ලකුණ දැම්මෙ.
අපිට \(\frac{dI}{dt}\) ලියන්න පුලුවන් \(\frac{dI}{dt}=rSI-aI\) කියල. ඇයි මම එහෙම කියන්නෙ ? මුලින්ම පොඩ්ඩක් හිතන ආසාදිත වෙන්නෙ අවදානමට ලක්වෙන්න පුලුවන් අයම නේද ? අන්න ඒ නිසාම මම \(\frac{dS}{dt}\) ගෙ තිබ්බ \(-rSI\) කියන එකේ ලකුණ මාරු කරල දැම්ම මොකද ඒකෙ කට්ටිය එකතු වෙනව මිසක් අඩු වෙන්නෙ නෑනෙ. එතකොට සුවවෙන කට්ටිය අඩු වෙන්නෙ නැද්ද ? අන්න ඒ කට්ටියට තමා මම \(-aI\) කියල ඒ කට්ටියව අඩු කලේ. වැඩිය හිතන්න එපා තේරුනේ නැත්නම්.
දැන් ඉතින් තියෙන්නෙ අපි වැඩිවේවා කියල බලාපොරොත්තු වෙන එක. සුවය ලබන පිරිස වැඩි වීමේ ශීඝ්‍රතාව තමයි අපි කලින් \(-aI\) කියල අඩු කලේ. ඒක නිසා අපිට ලියන්න පුලුවන් \(\frac{dR}{dt}=aI\) කියල. මේකෙ මම ධන ලකුණ දැම්මෙ සුවය ලබන පිරිස වැඩි වන නිසා.
මේ ඔක්කොම සමීකරණ ටික දැන් අපි එකට ලියා ගමු.
\[\frac{dS}{dt}=-rSI\]
\[\frac{dI}{dt}=rSI-aI\]
\[\frac{dR}{dt}=aI\]
ඉතින් දැන් මේ මගුල් ටිකෙන් ඇති වැඩේ මොකක්ද ? ඔව් ඇත්ත. දත්ත නැතිව මේවයෙන් මොකුත් කරන්න අමාරුයි තමයි. හැබැයි මේකෙන් අපිට කියනව කොහොමද මේ වසංගතේ පැතිරීම අඩු කරගන්නෙ කියල. ඒ කොහොමද ?
අපිට ඕනෙ අසාදිතයන් වැඩිවෙන වේගෙ එහෙම නැත්නම් \(\frac{dI}{dt}\) අඩු කරන්නනෙ. එහෙනම් අපි කරන්න ඕනෙ මේ \(\frac{dI}{dt}\) 0 ට වඩා අඩු කරගන්න. මොකද මේක 0 ට වඩා දශමයක් හරි වැඩිවුනා කියන්නෙ මෙක පැතිරෙනව කියන එකනෙ. එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරන කට්ටියත් නැතුව ඇති කියල මම හිතනව. එහෙමනම් අපිට මේක ලියන්න පුලුවන් වසංගතේ පැතිරීම වළක්වන්න නම් \(\frac{dI}{dt}<0\) වෙන්න ඕනෙ කියල. දැන් අපි මේක පොඩ්ඩක් සුලු කරමු.
\[\frac{dI}{dt}<0\]
\[rSI-aI<0\]
\[I(rS-a)<0\]
\[rS-a<0\]
\[\frac{rS}{a}<1\]
මේ මොන මගුලක් කලාද කියල හිතෙනවන්ම් ඒක අමතක කරල දාන්න. මොකද අපිට වැදගත් වෙන්නෙ මේ අන්තිමට ආපු \(\frac{rS}{a}<1\) කියන සමීකරණෙ විතරයි. අපි ඒකෙ තියෙන දේවල් ගැන පොඩ්ඩක් හිතමු. මම කලින්ම කිව්ව මේ r,a කියන ඒව ගැන වැඩිය ගනන් ගන්න එපා කියල. දැන් තමයි අපිට ඒව ඕනෙ වෙන්නෙ. මේ සමීකරනෙ 1 ට වඩා කුඩා කරන්න ඕනෙ නම් එක්කෙ \(rS\) අඩු වෙන්න ඕනෙ නැත්නම් a වැඩි වෙන්න ඕනෙ.
ඇත්තමටම මේ r කියන්නෙ වසංගත පැතිරෙන වේගෙ. අපිට සෞඛ්‍ය අංශවලින් හැමවෙලේම උපදෙස් දෙනවනෙ අත් සෝදන්න, මීටරයක් පරතරේ තියා ගන්න වගේ දේවල්. අන්න ඒවගේ ක්‍රියාවලින් තමයි මේ r නැත්නම් වෛරස පැතිරෙන වේගෙ අඩු කරන්නෙ. එතකොට S කියන්නෙ අපි දැනටමත් දන්න අවදානමට ලක්වූ පිරිස. මේක අඩු කරන්න පුලුවන් එන්නත් වගේ ඒවවලින්. ඒත් ඉතින් එහෙම එකක් තාම හොයන් නෑනෙ. එහෙමනම් මේ a කියන්නෙ මොකක්ද ? ඒක පොඩ්ඩක් වෙනස් කරන්න අමාරු සාධක නිරූපණය කරනව හරියට රටේ සෞඛ්‍ය පහසුකම් වගේ. ඒක වැඩි වෙනවනම් ඉතින් මරණ ප්‍රමානය අඩු කරගන්න පුලුවන් කියල තේරෙනව ඇතිනෙ.
ඔන්න ඕකයි ඉතින් සරලවම ගණිතය මේ වගේ වසංගත නවත්තන්න කරන උපකාරය. ඇත්තටම මේක ගැන කතා කරන්න මට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ. ඒක නිසා සමහර විට මොනව හරි වැරදි තියෙන්න පුලුවන්. එහෙම තියෙනවන්ම් මාව නිවැරදි කරන්න කියල ඉල්ලල වැඩක් නෑ ඉතින් මොකද මේක දහදෙනෙක්වත් බලයිද කියල මට සැකයි. ඒ කොහොම වුනත් එක්කෙනෙක් හරි අලුත් දෙයක් ඉගෙනගන්නවනම් ඒක මට ලොකු සතුටක්.

වසංගතවේදයේදි වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව තරමටම (සමහරවිට ඊටත් වැඩියෙන්) විශාල උපකාරයක් වනේ ගණිතයයි. "අපිට ගණන් ඉගෙන ගත්ත කියල ඇත්ත ජීවිතයේ කිසි වැඩක් නෑ" යි කියපු කට්ටියට අනිවා දැන් තනි ඇහැට ඇඬෙනු ඇත.
වසංගතවේදයේදී වසංගත ව්‍යාප්තිය ගැන විවිධ නිගමන වලට එළඹීම සදහා විවිධ ගණිතමය ආකෘති යොදා ගන්නා අතර එයින් බොහෝමයක් ඒවා සංකිර්ණ වන බැවින් (තවද මම නොදන්නා බැවින්) ලියන්නා මෙහිදී පැහැදිලි කරන්නේ SIR ආකෘතියයි. මෙහි SIR යන අකුරු තුනෙන් දැක්වෙන්නේ මෙම ආකෘතියේ ප්‍රධාන සංරචක(Components) වේ. ඒවා නම්,
S - Susceptible - අවදානමට ලක්විය හැකි පිරිස
I - Infected - ආසාදිත පිරිස
R - Recovered - සුවය ලැබූ පිරිස
මෙහිදී අප කරන යම් උපකල්පනද ඇත. ඒවා නම්,
- ජනගහනය නියතයක් බවත්
- අවදානමට ලක්විය හැකි පිරිස වැඩිවීමේ ශීඝ්‍රතාව ආසාදිත පිරිසේ ප්‍රමාණයටද(I) අවදානමට ලක්විය හැකි පිරිසේ ප්‍රමාණයට(S) සමානුපාතික බවද (ඒ කිව්වෙ I හා S වැඩි වෙනකොට ආසාදිත පිරිසත් වේගෙන් වැඩි වෙන්න පුලුවන් කියන එක. ඒක තේරුම් ගන්න ඉතින් ගණන් දැනගන්න ඕනෙ නෑනෙ. ආසාදිත කට්ටිය ගොඩක් හොදට ඉන්න කට්ටිය අතරට ගියොත් බෝවෙනව කියල තේරෙනවනෙ)
- තව දෙයක් තමයි සුවපත් වීමේ ශීඝ්‍රතාව නියතයි එහෙමත් නැත්නම් වෙනස් වෙන්නෙ නෑ කියන එක.
පහළට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනෙ. මේක ඇත්තටම කලනය සම්බන්ධ ආකෘතියක්. දැන් ඉතින් එහෙම කියල මැරෙන්න හදන්න එපා මොකද මම කලනයේ කිසි දෙයක් මේකට දාල නෑ. \(\frac{dy}{dx}\) කියන අංකනය විතරයි භාවිතා කරල තියෙන්නෙ. ඒකෙන් කියවෙන්නෙ x ට සාපේක්ෂව y වෙනස් වෙන වේගෙ/ශීඝ්‍රතාව කියන එකයි. අර අපි අහල තියෙන කියමනකුත් නැතෑ "කෙල්ලෙක්ට යමක් තේරුම් කරනවට වඩා ලේසියි හරකෙක්ට කලනය කියල දෙන එක" කියල. අන්න ඒකත් හිතේ තියාගෙන එහෙනම් ඉස්සරහට යමු.
ඔන්න දැන් තමා ගණන් ටිකක් පනින්නෙ.අපිට මේ SIR ආකෘතිය ගොඩ නගනකොට ප්‍රධාන සමීකරණ තුනක් ඕනෙ වෙනව. ඒව මම මෙහෙම අංකනය කරන්නම්.
- \(\frac{dS}{dt}\) හෙවත් අවදානමට ලක්විය පිරිස වැඩිවීමේ ශීඝ්‍රතාව. වැඩිවෙනව කිව්වට වෙන්නෙ අඩු වෙන එකනෙ. මොකද කට්ටිය ආසාදිත වෙනකොටයි සුවපත් වෙනකොටයි අපිට සැක කරන්න ඉන්න පිරිස අඩු වෙනවනෙ.
- \(\frac{dI}{dt}\) හෙවත් ආසාදිතයින් වැඩි වීමේ ශීඝ්‍රතාව
- \(\frac{dR}{dt}\) හෙවත් සුවය ලබන පිරිස වැඩි වීමේ ශීඝ්‍රතාව
අපි කලින් කිව්වනෙ අවදානමට ලක්විය හැකි පිරිස වැඩි වෙන ශීඝ්‍රතාව I හා S ට සමානුපාතිකයි කියල. එහෙනම් අපිට මේක ලියා ගන්න පුලුවන් \(\frac{dS}{dt}=-rSI\) කියල. මම r කියල නියතයක් දාල ලියපු එක ගැන වැඩිය හිතන්න එපා මොකද මේක ගණන් පාඩමක් නෙවේ. හැබැයි මම රිණ ලකුණක් දැම්මෙ මොකද ? මම කලිනුත් කිව්වනෙ අවදානමට ලක්විය හැකි පිරිස අඩු වෙනව කියල ඉතුරු දෙගොල්ලො වැඩි වෙනකොට. අන්න ඒ නිසයි රිණ ලකුණ දැම්මෙ.
අපිට \(\frac{dI}{dt}\) ලියන්න පුලුවන් \(\frac{dI}{dt}=rSI-aI\) කියල. ඇයි මම එහෙම කියන්නෙ ? මුලින්ම පොඩ්ඩක් හිතන ආසාදිත වෙන්නෙ අවදානමට ලක්වෙන්න පුලුවන් අයම නේද ? අන්න ඒ නිසාම මම \(\frac{dS}{dt}\) ගෙ තිබ්බ \(-rSI\) කියන එකේ ලකුණ මාරු කරල දැම්ම මොකද ඒකෙ කට්ටිය එකතු වෙනව මිසක් අඩු වෙන්නෙ නෑනෙ. එතකොට සුවවෙන කට්ටිය අඩු වෙන්නෙ නැද්ද ? අන්න ඒ කට්ටියට තමා මම \(-aI\) කියල ඒ කට්ටියව අඩු කලේ. වැඩිය හිතන්න එපා තේරුනේ නැත්නම්.
දැන් ඉතින් තියෙන්නෙ අපි වැඩිවේවා කියල බලාපොරොත්තු වෙන එක. සුවය ලබන පිරිස වැඩි වීමේ ශීඝ්‍රතාව තමයි අපි කලින් \(-aI\) කියල අඩු කලේ. ඒක නිසා අපිට ලියන්න පුලුවන් \(\frac{dR}{dt}=aI\) කියල. මේකෙ මම ධන ලකුණ දැම්මෙ සුවය ලබන පිරිස වැඩි වන නිසා.
මේ ඔක්කොම සමීකරණ ටික දැන් අපි එකට ලියා ගමු.
\[\frac{dS}{dt}=-rSI\]
\[\frac{dI}{dt}=rSI-aI\]
\[\frac{dR}{dt}=aI\]
ඉතින් දැන් මේ මගුල් ටිකෙන් ඇති වැඩේ මොකක්ද ? ඔව් ඇත්ත. දත්ත නැතිව මේවයෙන් මොකුත් කරන්න අමාරුයි තමයි. හැබැයි මේකෙන් අපිට කියනව කොහොමද මේ වසංගතේ පැතිරීම අඩු කරගන්නෙ කියල. ඒ කොහොමද ?
අපිට ඕනෙ අසාදිතයන් වැඩිවෙන වේගෙ එහෙම නැත්නම් \(\frac{dI}{dt}\) අඩු කරන්නනෙ. එහෙනම් අපි කරන්න ඕනෙ මේ \(\frac{dI}{dt}\) 0 ට වඩා අඩු කරගන්න. මොකද මේක 0 ට වඩා දශමයක් හරි වැඩිවුනා කියන්නෙ මෙක පැතිරෙනව කියන එකනෙ. එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරන කට්ටියත් නැතුව ඇති කියල මම හිතනව. එහෙමනම් අපිට මේක ලියන්න පුලුවන් වසංගතේ පැතිරීම වළක්වන්න නම් \(\frac{dI}{dt}<0\) වෙන්න ඕනෙ කියල. දැන් අපි මේක පොඩ්ඩක් සුලු කරමු.
\[\frac{dI}{dt}<0\]
\[rSI-aI<0\]
\[I(rS-a)<0\]
\[rS-a<0\]
\[\frac{rS}{a}<1\]
මේ මොන මගුලක් කලාද කියල හිතෙනවන්ම් ඒක අමතක කරල දාන්න. මොකද අපිට වැදගත් වෙන්නෙ මේ අන්තිමට ආපු \(\frac{rS}{a}<1\) කියන සමීකරණෙ විතරයි. අපි ඒකෙ තියෙන දේවල් ගැන පොඩ්ඩක් හිතමු. මම කලින්ම කිව්ව මේ r,a කියන ඒව ගැන වැඩිය ගනන් ගන්න එපා කියල. දැන් තමයි අපිට ඒව ඕනෙ වෙන්නෙ. මේ සමීකරනෙ 1 ට වඩා කුඩා කරන්න ඕනෙ නම් එක්කෙ \(rS\) අඩු වෙන්න ඕනෙ නැත්නම් a වැඩි වෙන්න ඕනෙ.
ඇත්තමටම මේ r කියන්නෙ වසංගත පැතිරෙන වේගෙ. අපිට සෞඛ්‍ය අංශවලින් හැමවෙලේම උපදෙස් දෙනවනෙ අත් සෝදන්න, මීටරයක් පරතරේ තියා ගන්න වගේ දේවල්. අන්න ඒවගේ ක්‍රියාවලින් තමයි මේ r නැත්නම් වෛරස පැතිරෙන වේගෙ අඩු කරන්නෙ. එතකොට S කියන්නෙ අපි දැනටමත් දන්න අවදානමට ලක්වූ පිරිස. මේක අඩු කරන්න පුලුවන් එන්නත් වගේ ඒවවලින්. ඒත් ඉතින් එහෙම එකක් තාම හොයන් නෑනෙ. එහෙමනම් මේ a කියන්නෙ මොකක්ද ? ඒක පොඩ්ඩක් වෙනස් කරන්න අමාරු සාධක නිරූපණය කරනව හරියට රටේ සෞඛ්‍ය පහසුකම් වගේ. ඒක වැඩි වෙනවනම් ඉතින් මරණ ප්‍රමානය අඩු කරගන්න පුලුවන් කියල තේරෙනව ඇතිනෙ.
ඔන්න ඕකයි ඉතින් සරලවම ගණිතය මේ වගේ වසංගත නවත්තන්න කරන උපකාරය. ඇත්තටම මේක ගැන කතා කරන්න මට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ. ඒක නිසා සමහර විට මොනව හරි වැරදි තියෙන්න පුලුවන්. එහෙම තියෙනවන්ම් මාව නිවැරදි කරන්න කියල ඉල්ලල වැඩක් නෑ ඉතින් මොකද මේක දහදෙනෙක්වත් බලයිද කියල මට සැකයි. ඒ කොහොම වුනත් එක්කෙනෙක් හරි අලුත් දෙයක් ඉගෙනගන්නවනම් ඒක මට ලොකු සතුටක්.
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි !
Monday, March 30, 2020
ඔබටත් "පොෂ්" වීමට අවශ්‍යද ?
මෙය මා බොහෝ කලක සිට ලිවීමට බලාපොරොත්තු වූ මාතෘකාවක් වුවද අන්තර්ජාලයේ සැරිසරන විට මා හට ඒ ගැන ඉතා රසවත් ලිපියක් කියවීමට ලැබුනි. ඒ නිසා එම ලිපිය එලෙසම උපුටා ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කළ නමුදු මාගේ ලිපියකුත් ලඟදීම ලිවීමට අදහස් කරමි.
අද ලංකාවේ “පොෂ්” පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තිය ද අබිබවා යන තරමට පොෂ් ය. කෙටියෙන් කිව්වොත් “පොෂේ පොෂ්ය”. අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක. ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති. එනම් “රියල් පොෂ්” සහ “වෙන්ට පොෂ්” යනුවෙනි. මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද “පොෂක්” ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයට ය.
නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්තයක් ලෙස බලන කල “වෙන්ට පොෂ්” ලා පමණක්ම බවය. මොකදැයි කිව්වොත් අද ඔය “චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි” කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය. ලංකාව දූපතකි. එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් “ගොඩයන්” යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය. උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය. නැතුව මුන්ට “මෝල්ටඩ් මිල්ක්” පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත. දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි.
ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්, ගැහැණියක වේ නම් පිස්සියක සේ කෙස්ස වනාගෙන සිටීමෙනුත්, දෙපාර්ශ්වයම ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවාගෙන, කරවටා ඇට මාලයක් බැඳගෙන, පොඩි “ලිට්‍රිචර් බර, ආර්ට් බර” ලුක් එකක් ගැනීමෙන් “පොෂ්” සොයා ඔබ යන ගමන ආරම්භ කළ හැක.
ඔබ සිංහල කමට, බෞද්ධ කමට පයින් ගැසිය යුතුමය. ඒවා තියාගෙන ඔබට පොෂ් වන්නට තියා හිතන්නටවත් නොහැක..එසේ පයින් ගසා “පෝස්ට් මොඩර්නිස්ම්” නමින් ඔබට සපයා දෙන, ඔබට දිරවා ගත නොහැකි ආහාර වේල්, මේස පහුරු ගගා වුවද, අමාරුවෙන් ගිලීම ආරම්භ කළ යුතුය. එවිට ටික වේලාවක් යනවිට ඔබද “පෝස්ට් මොඩර්න් පොරක්මි” යන හැඟීම ජනිත වනු ඇත. මේ කෑම ඇමරිකාවේ සිට සීත කර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යහමින් කවලම් කර එවුවත්, නියම “පොෂෙක්” වීමට නම් මේවා සිංහල ලිප් ගල් වල තබා රත් නොකිරීමට වග බලා ගන්න. හැකිනම් හෝදන්නේ වත් නැතුව අමුවෙන් කෑම යෝග්‍යය..හීතල පිටින්ම කනවා නම් වඩා හොඳය. එවිට බොක්ක කූල් වී, පොත්තද ඩින්ගිත්තක් සුදු වනු ඇත.
මේ කෑම බොක්කේ වදිනවාත් සමඟම ඔබේ “නෝර්මල් විෂන්” එක ක්ෂණිකව වෙනස් වී “වැම්පයර්” ඇස් දෙකක් පහළවේ..එය දම් පාට, කොළ පාට, රතු පාට හෝ නිල් පාට වුවද විය හැක. එය මොන පාට වුවත්, එතැන් සිට ඒ ඇස් දෙකට, “පඬුවන් පැහැය” හා “කාකි පැහැය” පේන්නට බැරි වනු ඇත. එනම් බුද්ධ චීවරය හා ලාංකික ත්‍රිවිධ හමුදා යුනිෆෝම් දෑහැට දකින්නට බැරි තත්වයකි. බැරිවෙලාවත් දෑහැට දැක්කොත් දෑසම පිලිස්සී යාමේ තර්ජනයක් ඇති බැවින්, “වැම්පයර්ලා” ඉර එළියෙන් ආරක්ෂාවී දවල් කාළය සොහොන් ගෙවල් අස්සේ සිටින්නා සේ, පන්සල් හෝ ආමි කෑම්ප් අසළින් යෑම නොකිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය. නමුත් මේ ඇස් දෙකට, ඩොලර් නෝට්ටු වල ලා කොළ පැහැය නම් ඉතාම සැනැසිලි දායක දර්ශණයක් වනු නො අනුමානය.
මේ අළුත් ඇස් ජෝඩුව, ඔබට ජන්මයෙන් ලැබී ඇති සිංහල මොළය සහ දෘෂ්ටික ස්නායු සමඟ පෑහෙන්නේ නැත. (කම්පියුටර් බාසාවෙන් කිවහොත් ”කම්පැටිබල්” නැත). එනිසා ඇතැම් විට, ටික වෙලාවක් බලන විට ඇස් කකියාගෙන එන ගතියක් දැනුනොත්, බැරෑක් ඔබාමාගේ කෝට් සාක්කුව දෙස මොහොතක් බලා අනිමිස ලෝචනය දැක්වීමෙන් ඇස් කැක්කුම මඟ හරවා ගත හැක.
ඒ ආහාර දිරවා ගත නොහැකිව ඔබ අභාවප්‍රාප්ත වූ දිනක, “පෝස්ට් මොඩර්නිස්ම්” එක ක්ෂණිකව “පෝස්ට් මෝර්ටම්” එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද ඔබට ලැබෙනු ඇත..එදාට බොක්ක අස්සේ, සිංහල ගැස්ට්‍රික් වලින් බේරී, බඩවැල් කමින් සිටින, මිෂෙල් ෆුකෝලා, ජැක්ස් ඩෙරීඩාලා, ජීන් ලියෝටර්ඩ්ලා එලියට ඇද දැමූ පසු, ඔබට පාංශු කූලය දී, මතක වස්ත්‍ර පූජාවක් කර ගැනීමට මහා සංඝ රත්නය ලං කර ගැනීමට සිදුවනු ඇත. මෙය මේ කෑමේ පොඩි “සයිඩ් ඉෆෙක්ට්” එකකි. එතෙක් භික්ෂූණ් වහන්සේලා, කුස ගින්න නිවා ගැනීමට පිණ්ඩ පාතයේ වැඩීමවත් ඔබට පෙන්නනට බැරිවනු ඇත. හිතෙන්නේම බනින්නමය.
මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු “හිංගල” නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් “Translate” කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත’ පොෂ් වෙන්නට “ට්‍රේනින්” අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් “ඩික්” එකක් හෝ නැත්නම් “මධුර ඔන්ලයින්” හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය.
එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය. එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය. ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි. අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා. ”Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo..” ඔය තියෙන්නේ නම් ඕන තරම්. ඒත් මදි නම් “සයිමන් නවගත්තේගමයන්ගේ” නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, “මාර්ටින් වික්‍රමසිංහයන්ගේ”, වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න. ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල “පරිවර්තන” අවකාශයේ ඔබම අතරමං වී, “ඇඩ්‍රස්” නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත. ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි.
ඔබ තරුණ වයසේ සිටින “වෙන්ට පොෂ්” කෙනෙකු නම්: “යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ” (Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..) ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි. හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න. කුකුළන් හඬලන සද්දය ඇසීම, “පොෂ්” ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය.
මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා. තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා. එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා. ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා. මක් නිසාද එහි සිටින්නේ “පොෂ්” වුවත්, ඔබ “පොෂේ පොෂ්ය”.
ඔබ මැදි හෝ මහළු වියේ “වෙන්ට පොෂ්” කෙනෙකු නම්: ”වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්‍රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්” වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්‍රමාණවත්ය. උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ “ගෝඩ්”, “ජීසස්” වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය. කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න. හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය. ඒ පොත් නැති කරගන්න නම් එපා. නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, “තමන්ගේම කියා” යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත.
අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත. එතැන් සිට ඔබ “සිංහල” නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය “සිංහල” යන්න අමාරුවෙන් ගිල ගන්න. එතැන් සිට ඔබ “ශ්‍රී ලන්කන්ය”. රෝගය තවත් උත්සන්න වන විට “ශ්‍රී ලන්කන්” එකත් ගිලිහී ගොස්, “යුනිවර්සල් ජොයින්ට්” එකක් වීමේ අවදානමක්ද පවතී. ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න. එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න. අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊ. යෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන “උම්මා” දීගෙන, දීගෙන යන්න. (එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත)
ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය “සිංහලේ” නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න.” නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙය්‍ය වනයේ ප්‍රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්” එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත.
සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?
අර අමාරුවෙන් වචන ගළප, ගළපා තේරුම් ගත් න්‍යායයන් ඔබට එවා වදාළ න්‍යායාචාර්ය වරුන්ම ඔබට ආදායම් මාර්ගයන්ද සකසා දෙනු ඇත..එතැන් සිට ඔබට කරන්නට පැවරෙන්නේ “මාර්කටිං” ජොබ් එකකි. විකුණන්නට ඇත්තේ වර්ග කිලෝමීටර 65,525ක් තරම් විශාල ඉඩමක් සහ එහි මුල් පදිංචි කරුවන් වන, ගණනින් එක් කෝටි හැට ලක්ෂයක් තරමේ පිරිසකි. ඒ පිරිස සහ ඉඩම විකිණිය යුත්තේ එහිම වෙසෙන හතළිස් ලක්ෂයක් තරම් සුළු පිරිසකටය. මේක හිතන තරම් පහසු කෙළියක් නොවේ! මක් නිසාද මේ ඉඩම වටකරගෙන තුන් ලක්ෂයක් තරම් වන “කාකි ඇඳුම්” අඳින පිරිසක්ද, තිස් දහසක් තරම් වන “පඬු පැහැති” ඇඳුම් අඳින පිරිසක්ද සිටිති. ඔබ කළ යුත්තේ, ඔබත් උන්ගෙන්ම පැවත එන බව අමතක කොට, හුස්ම අල්ලාගෙන උන්ට දෙහි කැපීමයි. කපා ඒ අය ලෝකයා හමුවේ නෝණ්ඩි කිරීමයි, පච කිරීමයි. ඔවුන්ව මානසිකව වට්ටා, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිංදුවට බැස්සවීමයි.
මෙය ඔබට විවිධ අයුරින් කළ හැක. එක්කෝ වැඩි වියදමක් නොයන ලෙස, තුට්ටු දෙකට ගත් මුද්‍රණාලයක “මිස්ලීඩර්” වර්ගයේ කැලෑ පත්තරයක් අටවා ගත හැක. නො එසේ නම් “පුරහඳ විලි ඇර” හෝ “දුගඳ එනු පිණිස” වර්ගයේ චිත්තරපටියක් සම්භාව්‍යය පස් වන මණ්ඩලයට මුදා හරින්නට ගොස්, ඒවා තහනම් වූ පසු, ඒ පිළිබඳව සමුළු, වැඩමුළු, කව, කතිකාවත් තබා, පොළවේ පස් කමින්, හැපෙමින් ලොවට පෙනෙන්නට හඬා වැටිය හැක (කවුරුත් පයිසෙකටවත් ගණන් නොගත්තොත්, ජනතාවටද බැණ වැදීමට අමතක නොකරන්න). කීයක් හරි වැඩි පුර යහමින් අතට දෙතොත්, ඊටත් එහා ගොස්, කවුන්සිලේ සාක්කි දීමටද ඔබට වරම් ලැබෙනු ඇත. මෙය හරියට කරතොත්, ගජ ලාබ දෙන ව්‍යාපාරයකි. මූල්‍යමය හෝ බුද්ධිමය ප්‍රාග්ධනය කිසිවකින් තොරව, මිලියන ගණන් ලාබ ලැබිය හැකිය. (අපේ සටහන: බ්ලොග් පඩංගුවක අටවා ගැනීම වුවද මේ සඳහා සෑහෙන්නේය).
මේ අතරතුර, යාන්තම් වැඩිවියට පැමිණෙන බට්ටන්, බට්ටියන් පිරිසක්, අර අමාරුවෙන් ගලපා ගත් දර්ශණයන් දා මෝල් කර, ෆෝම් කර, සංසද, කව, සංගම්, සෙන්ටර්, යූනියන් ටිකක් අටවා ගැනීම අනාගතයට හිතකර වේ..ඒවාට අවශ්‍ය නම්, කටපාඩම් කර ගත් වචන ලැයිස්තු බැලූ විට සොයා ගැනීම පහසුය. ”සෙන්ටර් ෆෝ පොලිසීස්, ෆ්‍රී මීඩියා සෙන්ටර්, නැෂනල් පිස් (සමාවන්න “පීස්”) කවුන්සිල්, ඊක්වලිටි යූනියන්” ආදී නම් කිහිපයක් නියමයි. පිට රටවල සිට බලන විට ලස්සනට පෙනේ.
මේ බටු කොලු කෙල්ලන්ට ”මේ විදියට සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වීම ඉතාම භයානකය. එසේ ජීවත් වීමෙන් අප අභ්‍යන්තරික භ්‍රාණ්තීන් විඳවන රෝබෝලා වන්නේය. අපගේ ආත්මීය සංඝටකයන් මෙ නිසා ක්‍රාන්තියට පත් වන්නේය” යනාදි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් සහිත දේශන, පන්ති, වැඩමුළු පවත්වන්න. එවිට ඔබ කියන ඔබටත් නොතේරෙන හබ්බය, ඔවුනුත් අසාගෙන, ඔවුන්ටත් නොතේරෙන හබ්බයන් සාදාගෙන, තැන, තැන කිය, කියා ඇවිදිණු ඇත. මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ගුද මාර්ගය අනිවාර්යෙන්ම පත්වන බැවින්, එය නිතර පිරිසිදුව තබා ගැනීමද බෙහෙවින්ම වැදගත් කරුණකි.
උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට “වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ” කියා කීම මැනවි. පුරුෂ පක්ෂයට මේ “ස්පා” එක වෙනුවට “මසාජ් ක්ලිනික්” එකක් ආදේශ කරගත හැක. ඒවායේ සිටින්නේද, ඔබට පෙර “පොෂ්” වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය.
ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න. සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න. කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, “බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ” නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් “ගොඩයන්” ලෙස හංවඩු ගසන්න. මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් “හියුමන් රයිට්ස්” තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් “කුක්ෂරය” වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න.
අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න. අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත. පොෂේ පොෂ්ය.
ඉඳ හිට හෝ අර ඉහත කී ආදායම් මාර්ග වලින් ඔබ උපයා ගත් දෙයින්, ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට “මාෂ් මිලෝස්” කෑලි දෙක තුනක්, “ජුජුබ්ස්” කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය “හායි” (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය.
පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත “බ්ලැක්බෙරි” ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය.
ඌ.ඇන්.පි. යේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය. රටේ “ඉකොනොමිය” ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු “ජෙන්ට්ල්මන් පොල්ටික්ස්” කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් “හියුමන් රයිට්ස්” ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා “ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි” ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න.
ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න. නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව “පොෂාචාර්යවරුන්ගේ” රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න. ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න. කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය. එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත. එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න.
“මැණික්” ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, “අනේ අම්මච්චෝ. හියුමන් රයිට්ස් කෝ” කිය, කියා අඬන්න. එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, “ඩොලර්” සහ “කෙන්ට්” ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න.
ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න. එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න.
(අපේ සටහන: දළදා පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ අයිතිවාසිකම් නැති වී යයි උගුර ලේ රහ වන තුරු කෑගැසිය යුතුය. නමුත් බිලි පූජා සඳහා මරණ එළුවන් ගේ අයිතිවාසිකම් ගැන නිශ්ශබ්දව සිටිය යුතුය)
මේ “කෝස්” එක අවසාන වන විට ඔබ “පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්” වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න
මේ ලියමන ලියන ලද දමිත් කේතක සහෘදයාට අප නොමඳ ස්තූතිය පිරිනමන්නෙමු.
ලිපිය උපුටා ගත්තේ : Aluth wada(අළුත් දේවල්)

පොෂ් වන්නේ කෙසේද යත්

ඇස් සහ මොළය

බාසාව සහ කථනය

ජාතිය හා ජම්මය

ආගම
සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?
ආදායම් මාර්ගය
අර අමාරුවෙන් වචන ගළප, ගළපා තේරුම් ගත් න්‍යායයන් ඔබට එවා වදාළ න්‍යායාචාර්ය වරුන්ම ඔබට ආදායම් මාර්ගයන්ද සකසා දෙනු ඇත..එතැන් සිට ඔබට කරන්නට පැවරෙන්නේ “මාර්කටිං” ජොබ් එකකි. විකුණන්නට ඇත්තේ වර්ග කිලෝමීටර 65,525ක් තරම් විශාල ඉඩමක් සහ එහි මුල් පදිංචි කරුවන් වන, ගණනින් එක් කෝටි හැට ලක්ෂයක් තරමේ පිරිසකි. ඒ පිරිස සහ ඉඩම විකිණිය යුත්තේ එහිම වෙසෙන හතළිස් ලක්ෂයක් තරම් සුළු පිරිසකටය. මේක හිතන තරම් පහසු කෙළියක් නොවේ! මක් නිසාද මේ ඉඩම වටකරගෙන තුන් ලක්ෂයක් තරම් වන “කාකි ඇඳුම්” අඳින පිරිසක්ද, තිස් දහසක් තරම් වන “පඬු පැහැති” ඇඳුම් අඳින පිරිසක්ද සිටිති. ඔබ කළ යුත්තේ, ඔබත් උන්ගෙන්ම පැවත එන බව අමතක කොට, හුස්ම අල්ලාගෙන උන්ට දෙහි කැපීමයි. කපා ඒ අය ලෝකයා හමුවේ නෝණ්ඩි කිරීමයි, පච කිරීමයි. ඔවුන්ව මානසිකව වට්ටා, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිංදුවට බැස්සවීමයි.
මෙය ඔබට විවිධ අයුරින් කළ හැක. එක්කෝ වැඩි වියදමක් නොයන ලෙස, තුට්ටු දෙකට ගත් මුද්‍රණාලයක “මිස්ලීඩර්” වර්ගයේ කැලෑ පත්තරයක් අටවා ගත හැක. නො එසේ නම් “පුරහඳ විලි ඇර” හෝ “දුගඳ එනු පිණිස” වර්ගයේ චිත්තරපටියක් සම්භාව්‍යය පස් වන මණ්ඩලයට මුදා හරින්නට ගොස්, ඒවා තහනම් වූ පසු, ඒ පිළිබඳව සමුළු, වැඩමුළු, කව, කතිකාවත් තබා, පොළවේ පස් කමින්, හැපෙමින් ලොවට පෙනෙන්නට හඬා වැටිය හැක (කවුරුත් පයිසෙකටවත් ගණන් නොගත්තොත්, ජනතාවටද බැණ වැදීමට අමතක නොකරන්න). කීයක් හරි වැඩි පුර යහමින් අතට දෙතොත්, ඊටත් එහා ගොස්, කවුන්සිලේ සාක්කි දීමටද ඔබට වරම් ලැබෙනු ඇත. මෙය හරියට කරතොත්, ගජ ලාබ දෙන ව්‍යාපාරයකි. මූල්‍යමය හෝ බුද්ධිමය ප්‍රාග්ධනය කිසිවකින් තොරව, මිලියන ගණන් ලාබ ලැබිය හැකිය. (අපේ සටහන: බ්ලොග් පඩංගුවක අටවා ගැනීම වුවද මේ සඳහා සෑහෙන්නේය).
මේ අතරතුර, යාන්තම් වැඩිවියට පැමිණෙන බට්ටන්, බට්ටියන් පිරිසක්, අර අමාරුවෙන් ගලපා ගත් දර්ශණයන් දා මෝල් කර, ෆෝම් කර, සංසද, කව, සංගම්, සෙන්ටර්, යූනියන් ටිකක් අටවා ගැනීම අනාගතයට හිතකර වේ..ඒවාට අවශ්‍ය නම්, කටපාඩම් කර ගත් වචන ලැයිස්තු බැලූ විට සොයා ගැනීම පහසුය. ”සෙන්ටර් ෆෝ පොලිසීස්, ෆ්‍රී මීඩියා සෙන්ටර්, නැෂනල් පිස් (සමාවන්න “පීස්”) කවුන්සිල්, ඊක්වලිටි යූනියන්” ආදී නම් කිහිපයක් නියමයි. පිට රටවල සිට බලන විට ලස්සනට පෙනේ.
මේ බටු කොලු කෙල්ලන්ට ”මේ විදියට සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වීම ඉතාම භයානකය. එසේ ජීවත් වීමෙන් අප අභ්‍යන්තරික භ්‍රාණ්තීන් විඳවන රෝබෝලා වන්නේය. අපගේ ආත්මීය සංඝටකයන් මෙ නිසා ක්‍රාන්තියට පත් වන්නේය” යනාදි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් සහිත දේශන, පන්ති, වැඩමුළු පවත්වන්න. එවිට ඔබ කියන ඔබටත් නොතේරෙන හබ්බය, ඔවුනුත් අසාගෙන, ඔවුන්ටත් නොතේරෙන හබ්බයන් සාදාගෙන, තැන, තැන කිය, කියා ඇවිදිණු ඇත. මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ගුද මාර්ගය අනිවාර්යෙන්ම පත්වන බැවින්, එය නිතර පිරිසිදුව තබා ගැනීමද බෙහෙවින්ම වැදගත් කරුණකි.
”පොෂ්” චර්යා රටා
උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට “වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ” කියා කීම මැනවි. පුරුෂ පක්ෂයට මේ “ස්පා” එක වෙනුවට “මසාජ් ක්ලිනික්” එකක් ආදේශ කරගත හැක. ඒවායේ සිටින්නේද, ඔබට පෙර “පොෂ්” වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය.
ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න. සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න. කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, “බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ” නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් “ගොඩයන්” ලෙස හංවඩු ගසන්න. මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් “හියුමන් රයිට්ස්” තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් “කුක්ෂරය” වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න.
අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න. අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත. පොෂේ පොෂ්ය.
ඉඳ හිට හෝ අර ඉහත කී ආදායම් මාර්ග වලින් ඔබ උපයා ගත් දෙයින්, ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට “මාෂ් මිලෝස්” කෑලි දෙක තුනක්, “ජුජුබ්ස්” කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය “හායි” (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය.
පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත “බ්ලැක්බෙරි” ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය.
ඌ.ඇන්.පි. යේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය. රටේ “ඉකොනොමිය” ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු “ජෙන්ට්ල්මන් පොල්ටික්ස්” කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් “හියුමන් රයිට්ස්” ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා “ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි” ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න.
උවමනාවෙන් අමතක කළ යුතු දෑ
ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න. නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව “පොෂාචාර්යවරුන්ගේ” රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න. ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න. කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය. එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත. එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න.
“මැණික්” ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, “අනේ අම්මච්චෝ. හියුමන් රයිට්ස් කෝ” කිය, කියා අඬන්න. එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, “ඩොලර්” සහ “කෙන්ට්” ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න.
ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න. එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න.
(අපේ සටහන: දළදා පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ අයිතිවාසිකම් නැති වී යයි උගුර ලේ රහ වන තුරු කෑගැසිය යුතුය. නමුත් බිලි පූජා සඳහා මරණ එළුවන් ගේ අයිතිවාසිකම් ගැන නිශ්ශබ්දව සිටිය යුතුය)
මේ “කෝස්” එක අවසාන වන විට ඔබ “පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්” වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න
මේ ලියමන ලියන ලද දමිත් කේතක සහෘදයාට අප නොමඳ ස්තූතිය පිරිනමන්නෙමු.
ලිපිය උපුටා ගත්තේ : Aluth wada(අළුත් දේවල්)
Subscribe to:
Comments (Atom)