Tuesday, April 21, 2020

කොරෝනා සහ විමුක්තිය

විමුක්තිය...

විමුක්තිය... මෙම වචනය ඔබට පුරුදු ද? ඔබට මතකද? ලංකාව අවුරුදු තිහක යුද්ධයකට මුහුන දුන් රටක් බව ඔබට මතකද? මම නම් සිතන්නේ මතක නොමැතිව ඇතිය. මතක නොමැති වුවහොත් එය පුදුමයක් ද නොවේ. සිංහලයාට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ මාසයකි. ඔබට පුරුදු මෙම කියමන සැබවින්ම පවසන ලද්දේ ප්‍රභාකරන් හෙවත් ලංකාවේ බිහිවූ කෘෘරතම මිනිසා විසිනි. කෙසේ වුවද මේ ප්‍රකාශය මම අදටත් පිළිගමි.

මෙය කිසිවකු වත් කියවන්නේ නැති බව දැන දැනත් මෙය මෙලෙස ලිවීමට සිදුවීම ගැන මම කණගාටු නොවෙමි. ඒ කෙසේවෙතත් විමුක්තිය හා කොරෝනා අතර සම්බන්ධය කුමක් දැයි ඔබට සිතෙන්නට ඇත. මින් පෙරම මෙම බ්ලොග් අඩවිය තුලින් කොරෝනා සහ නා නා විධ දෑ පිලිබදව ඔබව දැනුම්වත් කල නිසා කොරෝනා සහ විමුක්තිය යන ශීර්ෂපාඨය ඔස්සේ මෙය මා පළකරමි. තවද මම දැන් පවසන, ඔබ දන්නා මෙම සිද්ධිය සිදුවූයේ වසංගත තත්වයක් අතරේ නිසා ඔබ කොරෝනා හා විමුක්තිය යැයි මැය යෙදීම පිලිබද විරුද්ධත්වයක් දක්වන්නේ නැතැයි සිතමි. විරුද්ධත්වයක් දක්වන්නට යමෙක් මෙය කියවිය යුතුය. කියවුවද නොවූවද මම ලියමි.

http://www.dailymirror.lk/77509/8-idps-murdered-in-jaffna-soldier-sentenced-to-death

2000 දී යාපනයේ මිරුසුවිල්හිදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකුට වසර 13 ක නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලදී.

මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරුන් විසින් පළමු විත්තිකරු වන අතර, හිටපු මාණ්ඩලික සැරයන් ආර්.එම්. සුනිල් රත්නායක
පුද්ගලයන් අට දෙනෙකුට තුවාල කිරීම සහ ඝාතනය කිරීම යන පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස එකලස් කිරීම ඇතුළු කරුණු 17 කට වරදකරු වූ යුද හමුදාවේ දිගු දුර පුනරුත්ථාපන මුර සංචාරයේ (එල්ආර්ආර්පී) සුනිල් රත්නායකට ,අධිකරණය විසින් විත්තිකරුට රු .51,000 ක දඩයක් නියම කළ අතර දඩ මුදල පැහැර හැරීම හේතුවෙන් ඔහු මාස ​​හතක සිර දඩුවමක් නියම කරනු ඇත.



මෙය කලකට පෙර රණවිරු සුනිල් රත්නායක පිලිබඳ පලවූ ලිපියකි. අධිකරණය පිලිබදව කිසිත් මා නොපවසන්නට අදිටන් කර ගමි. ගන්නෙමි. ජනතා අධිකරණයෙහි පිලිතුර මා දන්නා නමුදු ජනතාව විසින් ජනතාව උදෙසා කරගෙනයනු ලබන ජනතාවගේම පාලනය විසින් ලබා දුන් තීන්දුවට නම් මාගේ හදවතට අනුව එකඟ නොවුනෙමි. නොවෙමි.

කෙසේ හෝ හිටපු මේජර් ජෙනරාල් ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවිය ලැබීමත් සමග ලංකාවේ රණවිරු පවුල්වල නව බලාපොරොත්තු පිපුණු බව නො රහසකි. බලාපොරොත්තු වූවා සේම රණවිරු දඩයමට ගොදුරුවූ සුනිල් රත්නායක රණවිරුවා හට ජනපති සමාව ලබා හේ නිවසට පැමිණියේ මෑතකදි ය. කොරෝණා සමය තුල ය. කෙසේ වුවද මුහුනු පොතේ තටමන මහදැන මුත්තන් පවසන්නේ "වසංගතේ අස්සෙ මෙන්න මිනීමරුවෙක් නිදහස් කරලා" යන්න ය. මා හට නම් මෙය ලේ නටන කාරණාවකි. ඒ මේ වන්දි භට්ටයින් ,හිස් මස් ලේ ලංකා මාතාවගේ තුරුළට යවා රට වැනසීමට ආ වල් පරයින් මරා දැමූ රණවිරුවාට මිණීමරුවා කියන විටය. මුහුනු පොතේ කරක් ගහන ඔබට මෙම පෝස්ටුව නෙතට නොගැටුනා යැයි මම නොසිතමි.



පුවත්පතේ වූ ආකාරයට ඔහු මරා දමා ඇත්තේ දෙමළ සිවිල් වැසියන් ය. උතුරේ අවසන් මානුශීය මෙහෙයුමේදී මැයි දාහත හෝ දහඅට ආසන්නයේ දී 800m x 800 m ප්‍රමාණයක් පමණක් සතුරාට ඉතිරි කරවා අවම මිනිස් හානි මගින් සිවිල් ජනයා මුදා හැරීමට ලංකා විරුවෝ සමත් වූහ. ඔවුන් (සිවිල් ජනතාව) කදවුරු තුල ආරක්ශිතව සිටියහ. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ අණ පරිදි රාත්‍රී හයින් පසු කිසිවෙකුත් අවතැන් කදවුරු තුලට නොගන්නා ලෙස පැවසීය. මා පැවසූ දිනයේ මැදියම් රාත්‍රියේ සිවිල් වැසියන් පිරිසක් අසාධ්‍ය යැයි කිවා කදවුරට පැමිණීමට කටයුතු කර ඇත. පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරැණු අතර අවසානයේ රණවිරුවකු අහසට වෙඩි තබන ලදි. පසුව ඔවුන් නැවතත් කඩොල් කැලය තුලට ගොස් පිරිස සමග පැමිණ කදවුරට ප්‍රහාර එල්ල කරන ලදි.... ඔබ සිතන්නේ එම සිවිල් වැසියන් සේ පැමිණියේ කවුද? .... ඒ චාල්ස් ඇන්තනි නොහොත් ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුතාය.. ඔවුන් කදවුරට පැමිණියහොත්.... සිවිල් වැසියන් ට වෙඩි නොතබා සිටියහොත්.. ඔබම සිතා බලන්න....

ප්‍රධාන ලෙසම මෙම චෝදනාව එල්ල කරන්නේ ජනතා විමුක්ති පෙරමුනේ පාහරයින් ය. ඔවුන් ගැන යමක් සදහන් කල යුතුමය. රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගැසීමට තරම් විනයලත් සෙබලාගේ මනස වැනසුවේ ඔවුන් ය. උතුරේ යුද්ධයට රණවිරුවන් යැවූ දෙමව්පියන්ව බල්ලන් සේ පාරට ඇද දමා ගිනි තබා මරා දැමුවේ ඒ පහාරයින් ය. උතුරු කොනේ දමිල ත්‍රස්තවාදින් රජ කරද්දි දකුණු කොනේ මේ පාහරයින් යුද ගිනි ඇවිලූහ. එවන් ප්‍රතිපත්ති අනුගමනය කලවුන් යමෙක්ට මිණීමරුවන් සේ අමතයි නම් එය හාස්‍යයකි. එය හෘද සාක්ෂියෙන් විමසිය යුත්තකි. නමුත් එය උන්ට කල නොහැක. හෘද සාක්ශියක් තිබුණි නම් මෙසේ අවජාතක වැඩ නොකරනු නො අනුමානය.

විත්තිකරු වූ කතානායකයාට දඩ මුදල ලෙස ගෙවීමට සිදුවූ බව එහිදී දක්වා ඇත.මුදලද දක්වා ඇත. දඩ මුදල පැහැර හැරීම............. තවත් වරක් අධිකරණය කෙරේ කරුණු දැක්වීමේදී ප්‍රවේශම් වන බව ඉටා මෙතැනින් නවත්වමි.

විසි හත් වසරක කුරිරු යුද්ධයේම සිවිල් වැසියන්ලෙස දමිල ජනයා ට පහරදීම හෝ වෙඩිතැබීම මා දුටුවේ 1995 ට පෙර අවස්ථාවන්ට පමණි. නමුත් මෙය කියවනවානම් කියවන අන්තවාදින් නිරූපණය කරන පාර්ශවයේ සිවිල් වැසියන් ඝාතනය ගැන පැවසිය යුතු යැයි මම සිතමි. කැබිතිගොල්ලෑව සිද්ධියත් අරන්තලාව සිද්ධියත් ඔබට මතකයි නම් මම තවත් වේදනාව හාරා අවුස්සන්නට තනන්නේ නැත.. විමුක්ති කොටින් දමිල ජනතාවගේ පක්ශයේ සිට ඔවුන් රැක්කේ නම් හතරවන ඊලාම් යුද්ධයේදී දමිල වැසියන් මිනිස් අවි ලෙස තබාගන්නේ නැති බවද මම තරයේ දන්වමි.

දුක්ඛිත තත්වය නම් මෙයයි. මිනිසාට දෙවියා මතක් වන්නේ කරදරයකදී පමණි. දෙවියන් උතුම් තැනෙහිලා තබන්නේ අසරණ වූ විටය. සතුටින් සිටින විට දෙවියන් මතක් වන්නේ නැත. මෙහිදී මා පැවසීමට තනන්නේ දෙවියන්ගේත් රණවිරුවන්ගේත් තැන එකමයි කියා නොවෙද...

තවත් දෑ බෝමයි. අතේ වේදනාව නිසා මම නවතමි....

ඔබ සැමට තෙරුවන් සරණයි.

            - ජාතියේ දරුවන් විසින්

No comments:

Post a Comment