මා යමක් ලිවීමට අදහස් කලේ මාගේ මිතුරෙකු බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හෙයිනි. මා මහා කලකට පෙර බ්ලොග් අඩවි සඳහා ලිවීම නවතා දැමූ අතර දැන් වන විට කිසිවක් කර කියා ගැනීමට නොහැකි ව ඇත්තේ corona වසංගතය පැතිරෙන හෙයිනි. මෙහිදී කොරෝනා වයිරසයට අදාල වූද නොවූද යමක් ලිවීමට අදහස් කරමි.
Corona සහ බඩගින්න
මුළු ලොවම දන්නා ලෙස corona හෙවත් කොවිඩ් නයින්ටීන් මුළු ලොවටම තර්ජනයක් වී හමාරය. මම මෙහිදී කොරෝනා හා ලෝක ප්‍රජාව පිළිබඳව අදහස් දැක්වීමට නොයන්නෙමි. එයට හේතුව 28 වැනිදා වන විටත් ශ්‍රී ලංකාව තුළ corona මරණයක් වාර්තා වූ හෙයින් ලොව ගැන අදහස් ලිවීමට වඩා ලංකාව කෙරේ යමක් ලිවීම කාලෝචිත යැයි මට සිතේ. ශ්‍රී ලංකාව තුළ වත්මන් රජය විසින් පනවනු ලබන, ලැබූ ඇඳිරිනීතිය හෙයින් ශ්‍රී ලංකාව තුළ වසන ප්‍රජාව දැඩිලෙස කලබලයට පත්වී එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය එදිනෙදා බඩු බාහිර ආදිය එකතු කර ගන්නා අයුරු මේ දිනවල කැපී පෙනෙන කාරණාවක් ලෙස මම දකිමි. දෛනික ජීවිතය ගත කරගැනීමට ලංකාවේ ජනතාව හට මෙය මහත් අසීරු තත්ත්වයක් සේ පිටින් බලන කල මට පෙනුන නමුත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද? දින තුනෙන් තුනට ඇඳිරිනීතිය දමන නියාවෙන් කඩසාප්පු වසා දැමුවද හෝරා හයක් මුළුල්ලේ කඩසාප්පු විවෘත කරන විට ඒ වෙතට ඇදී එන දනන් ගැන යමක් කීමට මට සිතේ. ධනපති පන්තියත් මධ්‍යම පන්තියත් පීඩිත පන්තියත් යන සියලු සමාජ තත්වයම මෙම තත්ත්වය යටතේ දැඩි පීඩාවකට පත් වන බව දුටු බව කලින් ද සඳහන් කළෙමි. වෙනදා සුපර් මාර්කට් නො යන මධ්‍යම පන්තියේ ද මේ කල්හි සුපර්මාර්කට් වෙත යන බවක් මා හට දිස් වේ. ධනපති පංතිය ආහාර තොග වශයෙන් රැස් කරන බව නොරහසකි. සැමන් ටින් 20 30 හාල් කිලෝ 50 60 පරිප්පු කිලෝ විස්ස තිහ....... මට සමාවන්න.... මා මීට පෙර මුහුණු පොතේ දුටු අයුරින් ධනපතියන් සැමන් කන්නේ නැත. ඔවුන්ට එය සිනි ගඳය. කාර්යාලයේ වැඩ කරන, පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගොස් යාන්තමින් උපාධියක් ගසා, සමාජය විවේචනය කරන මෙවන් අධමයන් පිළිබඳ යමක් එකතු කිරීම මා සලකන්නේ කාලය කා දැමීමක් ලෙස ය. එහෙත් එවැන්නන් නැතිකල යුතුමය... නැතහොත් ඔවුන් මෙම රට නැතිකරනු නො අනුමානය. මෙහිදී මා පවසන්නේ ආහාර පිලිබදවය. පරිප්පු කිලෝවත් සැමන් ටින් එකත් මිල අඩුකිරීම ගත් බුද්ධිමත් තීරණයකි... පරිප්පු වලට වඩා සැමන් ටින් එක නම් අඩුකිරීම පැසසිය යුත්තකි.. සැමන් ටින් එක සීයකි... මෙය ධනපතීන්ට නම් බෙට්ටකි. මධ්‍යම පන්තිකයින්ට නම් සතර මහා නිධානයකි. එසේ නම් දිලින්දන් හට කෙසේ දැයි පැවසීමට මට අවශ්‍ය නැත.ඔබට "එය තේරේවි" යැයි මම සිතමි. නමුත් සියයක් යනු ඔවුන් ට දහසකි. දස දහසකි. සමාජයෙන් වෙන් ව සිටින නිසා සමාජයෙන්ද යමක් ලැබේ යැයි සිතීමට අපහසුය. නමුත් රාජතන්ත්‍රය මගින් ඔවුන්ට යම් සහනයක් ඇතැයි මම සිතමි. මම දනිමි. මෙහිදී යමක් සඳහන් කල යුත්ය. ඒ රජය පිලිබඳව නොවේ. ඒ පෞද්ගලික දානමානාදිය පිළිබඳව යි. එය ලබාදීම හොදය. පෞද්ගලිකව මට සිතෙන ලෙස දානමානාදිය දීමට වඩා ඔවුන් ගන්නේ දිනකට ඔවුන් ගේ ප්‍රතිරූපය ඉහල නැංවීමට අවශ්‍ය එක පෝස්ටුවක් පමණක් බවයි. දැන් ඔබ මා දානමාන දෙන්නන් හට ගරහන ඊට විරුද්ධ මතධාරී අයෙකු යැයි ඔබට සිතෙන්නට ඉඩ ඇත. නැත. ඔබට එසේ කිරීමටත්, රටට පෙන්වීමටත් පූර්ණ අයිතියක ඇත. මා සදහන් කරනුයේ ඔබ ඒ කරනා දෙය ලොවට පෙන්වීම නොවූ විට ලෝකය අසන්තුලිත වන්නේ නැතැයි සදහන් කිරීම පමණි. බඩගින්න ගැන කීමට බොහෝ දේ ඇත. මම ඊයේ ආහාර ගැනීමට මුදල් නොමැතිව හඩා වැටෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු රූප පෙට්ටියෙන් දුටිමි. බඩගින්න පොදු ධර්මතාවයකි. ධනවතා මාස දෙකකට ආහාර එකතු කරගයි. සාමාන්‍ය පුද්ගලයා සති දෙකකට ආහාර එකතුකරගයි. දිලින්දා වේල් දෙකක් එතුලින් පිරිමසාගනී.බඩගින්නත් ආහාරත් ගැන කීමට බොහෝය. ධනවතුනි, ඔබ අද මැරෙන්නේ නැත. ප්‍රමාණවත් ලෙස පමණක් ආහාර රැස්කරගන්න. අද වන විට ලංකාවෙන් වූයේ එක් කොරෝණා මරණයකි. ඔබගේ මේ ආහාර පුරවාගැනීම නිසා, කොරෝනා නිසා මරණ සියයක් දක්වා වුවද වැඩිවීමට හැක. කෙසේ වුවද මේ අවස්ථාවේදි රජයේ ක්‍රියාමාර්ග නිසැකවම ඇගයිය යුතු යැයි මම දකිමි.
පසුව නැවතත් ලිපියක් සමග හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි
- කවිදු සචින්ත
ලියන්නාගේ පසු වදනක් :- ආහාර ගොඩ ගසා ගැනීම ගැන මාගේ මිතුරා මෙසේ කතා කරන විට මා හට මතක් වූයේ මාස්ක් පෙට්ටි පිටින් ගොඩ ගසාගෙන සිටින එවුන් ගැනය. රජයෙන් එපා කියද්දීත් මොවුන් නිරත වූයේ මෙවැනි දේ ගොඩගසා ගැනීමයි. එයින් දැන් අත්වී ඇති ඉරණම නම් මාස්ක් එකක නාමයක් සොයා ගැනීමට නොහැකි වීමයි. රජයේ වගකිවයුත්තන් එසේ නොකරන ලෙස පැවසූයේ අපව මරා දැමීමේ ආසාවෙන් නොව අවශ්‍ය වූ විට මාස්ක් නැතිවේ යන හැඟීමෙන් වන අතර අද සිදුවී ඇත්තේ ද එයයි. එසේ කියද්දීත් තමන්ට ඔවුන්ට වඩා "ලොකු ඔළුවක්" ඇතැයි සිතමින් බඩු බාහිරාදිය එක් රැස් කල ගොන් තකතීරුවන්ගෙන් අසන්නට ඉතුරු වී ඇත්තේ දැන් සැපද කියා පමණි. (එවැනි ධනපතීන්ට කෙසේ වෙතත් අපට නම් සැප නැති බව නොවලහා කිව යුතුය. )
Good job .... appreciate your strength .... good bless you....well done sachintha oyge hkiyw gna kynn wchn nee...
ReplyDelete